Press "Enter" to skip to content

ගෝඨා තායිලන්තේ සිටිද්දී තායිලන්ත අගමැතිගේ අගමැතිකමත් ගහලා යයි!

තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා ගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය පිළිබඳව විපක්ෂයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අද විභාග කළ අවස්ථාවේ දී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පෙත්සම විභාග කිරීමේ දී, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවන්ගෙන් බහුතරයක් 5:4ක් වශයෙන් ඡන්දය ලබා දුන් අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය ඊයේ එනම් 2022 අගෝස්තු 23 අඟහරුවාදා‍යින් අවසන් වූ බව තීරණය කෙරිණ.

ඒ අනුව නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළ ප්‍රවිත් වොන්ග්සුවන් භාරකාර අගමැතිවරයා බවට පත් වී තිබේ.

More from GossipMore posts in Gossip »