8 පාස් රැකියා කරන උපාධිධාරීන්ට අලුත් බලාපොරොත්තුවක්
දකුණු පළාත් උපාධිධාරීන් දහනව දෙනෙක් පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන බව එම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා ‘අරුණ’ට ඊයේ ( 23 වැනිදා) පැවසීය.
මෙම පිරිස ද ඇතුළත්ව උපාධිධාරීන් හැටඅට දෙනෙක් පාසල්වල පුස්තකාල සහායක, රසායනාගාර සහායක වැනි කම්කරු තනතුරු දරමින් සිටින බවත් කී ලේකම්වරයා එම තනතුරු සඳහා වන උපරිම අධ්‍යාපන සුදුසුකම අට ශ්‍රේණිය සමත්වීම බවත් කීවේය.
සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන උපාධිධාරීන් එම තනතුරෙන් ඉවත් කර පුස්තකාල සහ රසායනාගාර සහායක වැනි තනතුරු ලබා දීමට පියවර ගන්නා බව ද ඔවුන්ගෙන් ඇති වන පුරප්පාඩු පිරවීමට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
නිලන්ත මදුරාවල






