Press "Enter" to skip to content

ගෝඨා අස්වුන දුකට ගම්පහ පුද්ගලයෙකු ළිඳට පනී

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දරාගත නොහැකිවූ වයස අවුරුදු 66 ක පුද්ගලයෙකු ළිඳට පැනීමට උත්සාහ කළ පුවතක් දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කලක සිටම රාජපක්ෂ පවුලට ඉතා ලැදිව කටයුතු කර ඇති ඔහු ,ජනාධිපති තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූ පුවත දැනගැනීමෙන් පසුව මෙලෙස ළිඳට පැනීමට උත්සාහ කර තිබෙනවා.

එහෙත් අසල්වැසියන්ගේ මැදිහත් විමෙන් ඔහුව බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයා දැනට දින ගණනාවක සිටම අරගල භූමියේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »