Press "Enter" to skip to content

බිරිඳ සිපගත් වරදට සැමියාට ගුටි පූජාවක් (VIDEO)

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි අයෝධ්‍යා හරහා ගලා බසිනා සරයු ගංගාවේ බැස නාමින් සිටින අතරතුර තමාගේ භාර්යාව සිපගත් ආදරණීය සැමියෙකුට පිරිමින් පිරිසක් විසින් පහරදී අඩත්තේට්ටම් කර තිබෙනවා.

මෙම පහරදීමේ සිද්ධිය පටිගත වී ඇති අතර එම වීඩියෝ පටයේදී සැමියාට පහර දුන් එක් පුද්ලයෙකු මෙහැනි නොසණ්ඩාල දේ සිදුකිරීමට අයෝද්‍යාවේ ඉඩක් නෑ යනුවෙන් පවසන ආකාරයද ඇසෙයි.

සරයු ගංගාවේ නාමින් සිටියදී බිරිය වෙතින් ඉවතට ගෙන මෙම සැමියාට පහරදී ඇත්තේද එහි නාමින් සිටි පිරිසකි.‍

බිරිය සිය ආදරණීය සැමියාට පහරදීම වැළැක්වීමට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව එම යුවළ ගංගාවෙන් ඉවත්වීමට කුපිත වූ පිරිස කටයුතු කර ති‌බෙනවා.

කෙසේ වුවද මෙම වීඩියෝව අන්තර්ජාලය පුරා පළ වීමත් සමඟ ආයෝධ්‍යා ප්‍රාන්ත පොලිසිය මේ පිළිබඳ විමර්ශනය සිදුකරන බවයි පැවසෙන්නේ.

එම සරයු ගංගාව ඉන්දියාවේ හින්දූන්ගේ ශුද්ධ වූ ගංගාව ලෙස හැදින්වෙන ගංගානම් නදියේ ශාඛා හතෙන් එකකි.

More from GossipMore posts in Gossip »