Press "Enter" to skip to content

ගෝඨාගෝගම සාලින්ද උස්සලා! (වීඩියෝ)

ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලභූමියේ දීර්ඝකාලීන මෙන් ම සක්‍රිය සාමාජිකයකු වන අමල් සාලින්ද ඊයේ (20) සවස පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවක් හෝ වරෙන්තුවක් ඉදිරිපත් කර නොමැති අතර, මේ වන තුරු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කවර පොලිස් ස්ථානයෙන් ද යන්න වත් හෙළිදරව් කර නොමැත.

මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කිරීමේ සහ අතුරුදන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වත්මන් රෙජීමයේ අලුත්ම බිල්ල අමල්ද යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් මේවන විට සිය අවධානය යොමුකර ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද (21) අරගලකරුවන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිත බවද වාර්තා වේ.

More from GossipMore posts in Gossip »