Press "Enter" to skip to content

දෙමාපියන් විසින් වෙන් කරන ලද සමරිසි යුවළක් අධිකරණය එකතු කරයි

දෙමාපියන් විසින් වෙන් කරන ලද ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සමරිසි තරුණියන් යුවළකට යළි එක් වීමට එරට අධිකරණයක් අවසර දී තිබේ.

එම අවසරය දී ඇත්තේ, 22 හැවිරිදි ආදිලා නස්රින් නමැති තරුණිය සිය සහකාරිය ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් පැහැර ගනු ලැබූ බවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ය.

ඒ අනුව, අධිකරණය නියෝග කළේ, ආදිලා නස්රින්ට සහ 23 හැවිරිදි ෆාතිමා නූරාට නිදහසේ ජීවත් විය හැකි බවට ය.

මෙම තීන්දුව ලැබීමෙන් පසු ඔවුන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, තීන්දුව සම්බන්ධයෙන් දැඩි සතුටට පත්වුව ද, තමන්ට පූර්ණ නිදහසක් ඇතැයි විශ්වාස නොකරන බව ය.

ඔවුන් දෙදෙනා සෞදි අරාබියේ අධ්‍යාපනය ලබමින් සිටි සමයේදී දැන හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

More from GossipMore posts in Gossip »