Press "Enter" to skip to content

අරගල භූමියට යනවා කියා ගෙදරින් ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා

අරගල භූමියට ගිය තම දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් දකුණෙන් අසන්නට ලැබේ.


මේ දැරියගේ මව සහ පියාද අනෙක් මව්පියවරුන් මෙන් දැන් රටේ පවතින වාතාවරණය අනුව සිටියේ දැඩි ලෙසම පීඩාවෙනි. 

ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල හිඳ සිටි ඔවුන් තවත් පීඩාවට පත්වූයේ අධික ලෙස බඩු මිල ඉහල ගිය නිසාවෙනි.


එම නිසාම අරගල භූමියක සිට පවතින අරගලයක සිටින තරුණ තරුණියන් පිළිබඳව සුබවාදීව මේ දෙමාපියන් නිතර නිතර නිවසේ කතා කළහ. 

අරගලයට සහය ලබාදෙන්න යැයි සිය තරුණ දියණියට ඔවුන් නොකියා කීවේ වරක් දෙකක් නොව කිහිපවරක්ය.


මාපියන්ගේ මේ ඉඟිය තේරුම් ගත් දියණිය මාපියන්ගේ අවසරය ඇතිව තවත් යෙහෙළියන් පිරිසක් සමඟ අරගල භූමියට යනවා යැයි පවසා නිවසින් ගියේ හිමිදිරි පාන්දරමය.


දහවල් වනවිටදී පියාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අවශ්‍යතාවක් සඳහා වහාම පොලිසියට පැමිණෙන ලෙසටයි. 

ඒ පොලීසියෙනි. අවශ්‍යවතාව කුමක්දැයි ඇසුවත් නොකීව නිසා වරදක් තමා කර නැති බැවින් ඔහු පොලිසියට ගියේ මේ කාගේ හෝ මරාලයක් යැයි සිතමිනි.


පොලිසියට ගිය ඔහුට දක්නට ලැබුණේ බංකුවේ වාඩි වී සිටින තරුණ ජෝඩු කිහිපයකි. ඒ දෙස වඩාත්ම විමසිලිමත්ව බැලූ කල සිය දියණිය ද එහි සිටිනු දැකීමෙන් ඔහුගේ දෑස් උඩ ගියේය. 

එය වැරදීමක්දැයි යන්න තේරුම් ගැනීමට ඔහු වඩාත්ම හොඳින් බැලූ කල එහි සිටිනුයේ සිය දියණියම බව දැකීමෙන් සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය.


“මොකද ලොකු උන්නැහේ බලන්නේ. මේ වැල්ලේ රෑන් පඳුරු අස්සේ අශීලාචාර ලෙස හැසුරුණා යයි කියන තොරතුරකට අනුව අපි ගෙනාපු ජෝඩු” යැයි පොලිස් නිලධාරියෙකු කී විට “අනේ එහෙනම් අපේ දුව ගිහින් තියෙන්නේ අරගල භූමියකට නොව ක්ෂේම භූමියකට” යැයි කියමින් සිය දියණිය දවා යන තරමේ බැල්මක් බැලු‍‍වේ ගෙදර ගියාම කරන දේත් සිතේ මවාගනිමිනි.

More from GossipMore posts in Gossip »