Press "Enter" to skip to content

දේශපාලනඥයින් පිරිසක් රටින් පළායෑමේ සූදානමක්

නීතිඥයින් පිරිසක් කළ අනාවරණය

හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පළායෑමට සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතීඥවරු පිරිසක් පෙන්වා දී තිබේ.

දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවී ඇති පිරිස් එලෙස පළායෑමට කටයුතු කරනු ඇතැයි එම නීතිඥවරුන් පවසා ඇත.

ඒ හේතුවෙන් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතීඥවරු පිරිසක් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී අද (26) මෙම ඉල්ලීම ඉදිරිපත් කළ අතර ඊට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවය.

More from GossipMore posts in Gossip »