Press "Enter" to skip to content

රට ගිය තරහට දික්කසාද වෙන්න සිටි බිරිඳට පිහියෙන් ඇන්න සැමියා ළිඳට පනී

* බිරිඳ මරුට – අසල්වාසීහු සැකකාර සැමියාව බේරා ගනිති

පවුලේ ආරාවුලක් මත වෑබොඩ – උතුර ප්‍රදේශයේ නිවසක් තුළ පෙරේදා (24දා) රාත්‍රියේ සැමියා විසින් සිය බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා ඇත.

මෙහිදී සැමියාගේ පිහි පහරවලින් තුවාල ලැබූ බිරිඳගේ සොහොයුරියක් හා මිතුරියක්ද  ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධියෙන් පසුව සැකකාර සැමියා නිවෙස අසල ළිඳකට පැන සියදිවි නසා ගැනීමට  තැත් කර තිබෙන අතර අසල්වැසියන් විසින් ඔහු බේරා ගෙන ඇත.

මෙම සිද්ධියෙන් මිය ගියේ වෑබොඩ – උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අප්සරා කල්පනී විමලසිරි නමැති 33 හැවිරිදි කාන්තාවකි. මේ සැකකාර සැමියා මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන බව පොලිසිය කියයි.

මෙම සැමියා හා බිරිඳ උපාධිධාරින් වන අතර ඔවුන් නවසීලන්තයට යෑමට සූදානම් වී සිටින විට සැමියාට කොරෝනා වැළදී ඇත. ඒ අවස්ථාවේ බිරිඳ පමණක් නවසීලන්තයට ගොස් තිබෙන අතර පසුව ඔවුන් දෙදෙනා අතර නිතර බහින් බස් වීම් ඇති වී තිබෙන බවට හෙළි විය. ඒ හේතුවෙන් ඔවුන් දික්කසාද වීමට සිටි බවද කියැවේ.



මෑතකදී බිරිඳ දිවයිනට පැමිණ තිබෙන අතර මේ බව දැනගත් කැකණදුර ප්‍රදේශයේ සිටි සැකකාර සැමියා රහසිගතවම පෙරේදා (24දා) රාත්‍රියේ නිවසට පැමිණ මේ අපරාධය සිදු කර ඇත.

වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුනවර්ධන හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස යන නිලධාරීහු මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන, වැලිවේරිය – ලක්ෂ්මන් පයාගල, වැලිවේරිය විශේෂ – චන්න විජේනාම හා දෙල්ගොඩ – සුදත් පුබුදු කීර්ති

More from GossipMore posts in Gossip »