Press "Enter" to skip to content

සිපෙට්කෝ ඉන්ධන මිලට වෙන්න යන දේ

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉදිරියේදී නොසිතූ අයුරින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට වැඩි ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඩොලරයේ ඉහළ යාම සහ ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් කිහිපවරක් ඉන්ධන මිල ඉහළ දැමීමයි.

ලංකා ඉන්දීය තෙල් සමාගම සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇත.

මෙම මිළ වැඩි කිරිම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327

More from GossipMore posts in Gossip »