Press "Enter" to skip to content

අධික කාමාශාවෙන් පෙළුණු උන්මන්තක පෙම්වතෙකු අතින් අමානුෂික ලෙස දූෂණය වී, නොඑන ගමන් ගිය දෙව්මිණිගේ, මෙතෙක් හෙළි නොවූ අනුවේදනීය කතාව

“ඔයා අහවලා එක්ක යාළුයි නේද? – හරි එහෙනම් යමුකෝ බලන්න කැලෑවට.., කියලා මම එයාව එක්කගෙන ගියා..”

“ගයාන්ගේ උන්මන්තක ලිංගික හැසිරීම ඇයව දැඩි ලෙස වෙහෙසටත්, වේදනාවටත් පත් කළා…”

“මට ආරංචියක් ඇවිත් තිබුණා එයා වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා..”

“අපි ළමයව හොයාගෙන කොල්ලගේ ගෙදරට එද්දි ළමයා කාමරේ ඇඳේ උඩුබැලි අතට දිගාවෙලා හිටියා. දරුවාට සිහිය තිබුණේ නෑ. ඊට පස්සේ අපි කොල්ලවත් අල්ලගෙන පොලිසියට අරන් ආවා..”

නව පාසලක උසස් පෙළ පන්තියට ඇතුළු වීමට පෙරුම් පුරමින් සිටි දෙව්මිණි පසුගිය පස්වැනිදා නිවසින් පිටවන්නේ අලුතින් මැසීමට දුන් පාසල් නිල ඇඳුම් රැගෙන ඒමටයි.

ඇගේ ඇඳුම් මැසීමට භාර දී තිබුණේ එතරම් දුර ඈතක සිටින මැහුම් ශිල්පිනියකට නොව යම් තරමක් ආසන්නයේ සිටි අයෙකුටයි.

අලුත් නිලඇඳුම් රැගෙන ඒමට සතුටු සිහින් නිවසින් පිටවූ දෙව්මිනි රාත්‍රීය උදාවන විටත් යළි නිවසකට නොපැමිණිම ඇගේ මව පියා මෙන්ම ඥාතින්ට ද ගැටළුවක් වුනා. පවුලේ අය ඇය සොයන්නට වූයේ ඉන් අනතුරුවයි.

කෙල්ල ටවුම පැත්තේ කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කා..”

රාවණාකන්දේ ගයාන් එක්ක තමයි පාරේ කතා කර කර හිටියේ..”

දෙව්මිනිගේ මවුපියන් ඇතුළු පිරිස රාවණාකන්දේ ගයාන්ගේ නිවස සොයා පිටත් වූවා. මේ ප්‍රදේශයත් දෙව්මිනි පදිංචි ප්‍රදේශයත් අතර දුර කිලෝමීටර් 10ක් පමණ වුණා.

ඒ වන විට ඇඳිරි වැටීමට ආසන්නව තිබුනු අතර ගයාන්ගේ නිවසට ගිය පිරිසට හිස් අතින්ම ආපහු එන්නට සිදු වූයේ නිවස වසා තිබූ නිසාත් ඔහු බලංගොඩ යන බව පවසා පිටව ගිය මුත් ඉන් පසු නොදුටු බවට තොරතුරු ලැබුනු නිසා යි.

දෙව්මිනිගේ පියා පින්නලවල පොලිසියට යන්නේ තව දුරටත් බලා හිඳිමෙන් දියණියාගේ ජීවිතය අනතුරට වැටීම වැළැක්වීම අපහසු නිසා විය හැකියි.

රාත්‍රී හත හමාරට පමණ පැමිණිල්ල ලැබෙන අතර ඇය සෙවීමේ මෙහෙයුම පොලිස් පරීක්ෂක ධර්මරත්න යටතේ සිදුවුනා. ඒ රාත්‍රීයේ පොලිසි කණ්ඩායමක් රාවණාකන්ද ගයාන්ගේ නිවසට ගියත් ඒ වන විටත් නිවසේ කිසිවෙකු සිටියේ නැහැ. එබැවින් පොලිසිය ආපසු ආවේ හිස් අතිනුයි.

ගයාන් නම් තරුණයා ගැන දෙව්මි‍නිගේ මවුපියන් දැන සිටියේ නැහැ. ඔහු ඇය සමඟ මහ මඟ කතාබහේ යෙදී සිටි බවට තොරතුරු ලැබුණත් ඇය ඔහු හා යනු දුටු බවට තොරතුරු ලැබුණත් ඔවුන් ගයාන්ගේ නිවසට නොගොස් තිබීමද ගැටළුවක් වුනා. ඒ අනුව දෙව්මිනිගේ පවුලේ අයගේ අදහස වූයේ මේ තරුණයා ඇයව පැහැරගෙන යන්නට ඇති බවයි.

දෙව්මිනි සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කළ ඇගේ මවුපියන් ඇතුළු පිරිස ඊට පසුදින එනම් හය වැනිදා උදේ යළි ගයාන්ගේ නිවස වැටලුවා.

ඒ අතරතුර මේ නිවසට උඩ නිවසේ සිටි කාන්තාවක් “ඔන්න කට්ටියක් එනවා, පැනලා දුවන්න” ලෙසින් කෑ ගසනු ඇසුනා. දියණිය රැගෙන ගිය තරුණයා ඒ වන විට මිදුලේ සිටියා. අඩි හයක් පමණ උස ඊට සරිලන මහතින් යුතු මෙම තරුණයා අල්ලා ගැනීම අපහසු වුවත් ගිය පිරිස ඔහුව අල්ලා ගත්තා.

“කෝ කෙල්ල..?”

“අන්න කාමරේ ඇඳේ ඉන්නවා..” ගයාන් පිළිතුරු දුන්නා.

කාමරයට ගිය පියා ඇතුළු පිරිස දුටුවේ ඇඳේ උඩුබැලි අතට වැතිර මැළවුනු ස්වරූපයෙන් සිටින දියණියයි.

ඇය වාහනයට දමාගෙන ගයාන්ද රැගෙන මොවුන් පොලිසියට පැමිණි අතර පොලිසිය මුලින්ම කළේ අධික රුධිර වහනය හේතුවෙන් අවසිහියෙන් සිටින දෙව්මිනිව රෝහල්ගත කිරීමයි.

ගයාන් අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා සිටියේ තමාත් දෙව්මිනිත් අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් ඇය සමඟ එක් වරක් ලිංගික සබඳතා පැවැත්වූ මුත් තමා ඇයට මාරාන්තික අතවරයක් නොකළ බවයි.

මේ අතර රෝහල්ගත කෙරුනු දෙව්මිනිගෙන් කට උත්තරයක් ගැනීමට පොලිසිය කටයුතු කළා. අවසිහියෙන් සිටි ඇය පවසා තිබුණේ මීට මාස එකහමාරකට පමණ පෙර තමාත් ගයානුත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇරඹුනු බවයි. ඔහුගේ මවට ඇය බැලීමට අවශ්‍ය වූ බැවින් ටිකකට ගෙදර ගිහින් එමු යැයි කියා තමා කැලෑව මැදින් කැඳවාගෙන ගිය බවත් ඇය පවසා තිබුණා.

රෝහල්ගත කෙරුනු ඇය සිටියේ දැඩි අවදානම් තත්ත්වයකයි. ඊට හේතුව වුයේ ඇගේ යටි කයෙන් අධික ලෙස රුධිරය වහනය වීමයි. ඇගේ එම ප්‍රදේශය දැඩි ලෙස ඉරී ගොස් තිබුණු අතර හැපුම් පහරවල්ද දකින්නට ලැබුවා.

ශල්‍යකර්මයකින් ඇගේ සිරුරේ ඉරී ගිය කොටස් යථා තත්ත්වයට පත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළ අතර ඇය ශල්‍යකර්මයට භාජනය කිරීමට පෙර මිය යන්නේ පුරුෂයන්ගේ අතවරයට ලක්ව මිය ගිය පාසල් දැරියන් අතට සිය නමද එක් කරමිනුයි.

ඇගේ පෙම්වතා වූ ගයාන්ගෙන් ප්‍රශ්න කළද ඔහු පිළිතුරු දී තිබුණේ සියල්ල සඟවාගෙනයි.

වයස අවුරුදු විසි හතරක් වන මෙම තරුණයා රැකියාවක් කරන්නේ නැහැ. මොහු තනිව නිවසේ කල් ගත කළ අතර මොහුගේ මව ජීවත් වන්නේ මෙම නිවසට මීටර් 30ක් 40ක් පමණ උඩහට වන්නට පිහිටි දෙවන පුරුෂයා සමඟ නිවසකයි.

මොවුන්ට තේ වතු තිබුණත් ඒවා ගැනද මොහු එතරම් සොයා බලන්නේ නැහැ. නිතරම කල්පනාවෙන් සිටින මොහු අධික ලෙස ලිංගික ආශා-වලින් පෙළි තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙරද මොහු බාලවයස්කාරියක ලිංගිකව පරිහරණය කර තිබෙනවා. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක්

වයසට වඩා වැඩි පෙනුමක් තිබුණු ඇය මවුපියන් සමඟ අමනාප වී ඇඹිලිපිටියේ පදිංචි ආච්චි අම්මාගේ නිවසට ගොස් තිබුණා.

එහි ටික කාලයක් සිටියදී ඇය වයස සඟවා රැකියාවක් සොයා ගත්තා. ඒ රත්නපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙසයි. ඇයට ගයාන් මුණ ගැහෙන්නේ මේ රෝහලේදී යි.

ඔහු රෝගියෙකුට තනි රැකීමට පැමිණ සිටි අතර මෙහිදී මේ දෙදෙනා හඳුනාගන්නා අතර අවසානයේ ඔහු… ඇය සිය නිවසට කැඳවාගෙන යනවා. එවිට ඇයට අවුරුදු 15ක් වූවා පමණයි.

ඇය.. ආච්චි අම්මාගේ නිවසේ නොමැති බව දැනගත් ඇගේ පියා ඇතුළු පිරිසට ඇය රාවණාකන්දේ ජීවත් වන බව දැනගන්නට ලැබුණා.

පියා මේ බවන පින්නලවල පොලිසියට පැමිණිලි කරන අතර ඇයව සොයා ගන්නා විට ඇයට අවුරුදු 16 පිරුණා පමණයි. මොහු ඇය ලිංගික කටයුතු වලට යොදා ගන්නේ ඇයට අවුරුදු 15 දී බැවින් එය බාලවයස්කාර අපයෝජනයකි.

ඔහුට විරුද්ධව නඩු පැවරූ අතර බී833 අංකයෙන් ගොනු කෙරුනු නඩුව මේ වන විට නීතිපති උපදෙස් සඳහා යොමු කොට තිබෙනවා.

මොහුගේ ඊළඟ ගොදුර වන්නේ දෙව්මිණියි. මේ දෙදෙනා මුලින් හමුවූයේ කොතැනද යන්න පැහැදිලි නැතත් මොවුන්ගේ ඇසුර ඇරඹී ඇත්තේ මීට මාස එකහමාරකට පමණ පෙරයි.

“එදා එයා මට කෝල් කරලා කිව්වා පොඩි කාරණයක් ගැන කතා කරන්න හම්බ වෙන්න ඕන කියලා. ඒක නිසයි මම එයාව හම්බ වෙන්න ආවේ..”

“මට ආරංචියක් ඇවිත් තිබුණා එයා වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. හම්බවෙච්ච වෙලාවේ මම එයාගෙන් ඒ ගැන ඇහුවා..”

“ඔයා අහවලා එක්ක යාළුයි නේද?”

“නෑ…”

“හරි එහෙනම් යමුකෝ බලන්න කැලෑවට…, කියලා මම එයාව එක්කගෙන ගියා..”

ඔහු එලෙස පැවසුවත් කතාවේ ඉතිරිය හදා ගැනීමට පොලිසියට සිදු වුනා.

කැලෑවට රැගෙන ගොස් මොහු ඇයට ලිංගික අතවර කරන්නට ඇත. මොහුගේ උස මහතත් ජවයත් සමඟ උන්මන්තක හැසිරීම් රටාව ඇයව දැඩි ලෙස වෙහෙසටත්, වේදනාවටත් පත් කළා.

මොහුගේ ලිංගික හිංසන ඉවසා සිටිය නොහැකිව ඇය සිහිසුන් වෙද්දි රාත්‍රියම කැලෑවේ ගත කොට මොහු ඇය ඔසවාගෙන නිවසට එන්නෙට ඇත්තේ පසුදින එනම් හයවැනිදා උදේ වරුවේයි.

ඇගේ පවුලේ අය ඔහුගේ නිවස වෙත ඇස ගසාගෙන සිටි බැවින් පැමිණ ටික වේලාවක් ගත වෙද්දි දෙදෙනාම සොයා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ඇගේ දේහය පිළිබඳ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මිය යාමට හේතුව තහවුරු වූයේ නැහැ. එබැවින් විවෘත තීන්දුවක් ලබා දී සිරුරු කොටස් රජයේ අස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍යවරයා කටයුතු කර තිබුණා.

මිය ගිය දෙව්මිනි එම පවුලේ වැඩිමහල් දියණියයි. ඇයට වයස අවුරුදු තුනක බාල සහෝදරියක් සිටිනවා.

කාමාශාවෙන් ඔද්දල් වී සිටි තරුණයෙකුගේ ගැටයට හමුවූ යොමුව් මල් කැකුළක් එලෙස ජීවිතයෙන් සමුගෙන යද්දි මෙවන් තත්ත්වයට පත් නොවී තරුණයින් අතින් කෙළෙසුණ ඒ බව සඟවාගෙන සිටින බාල වස්කාර දැරියන් තව කොපමණ සංඛ්‍යාවක් මෙරට සිටිත් ද?

මෙම ලිපිය “තක්ෂිලා ජයසේකර” විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියකි…….

More from GossipMore posts in Gossip »