ගිනි අවි ඇදගෙන ඩෙගා නැටූ මහින්දානන්දගේ ලේකම් තාමත් නිදැල්ලේ
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වු වුවේ යැයි කියන පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවට වාර්තා වනවා.
නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් (15) දින පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇති අතර , එම සාදයට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගි වි ගැටුමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇති අතර , එම සාදයට කොළඹ ප්‍රදේශයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වු අයෙකු එම සාදයට සහභාගි විමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයන් රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක්වූවේයැයි කියන තරුණයාගෙන් අරුණ වෙබ් අඩවිය කල විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් ඇතුළු තවත් පිරිසක් එම හෝටලයේම වෙනත් සාදයකට සභාගි වුන අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ ලේකම් වරයෙකු තමන්ට පිස්තොලයක් පෙන්නා තර්ජනය කර පහර දුන් බවයි.
ගැටුමෙන් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදු වි ඇති අතර, එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තරුණයන්ගේ ඥාතින් ඊයේ (16) දින පස්වරුවේ තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා
පහර දුන්නේ යැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් අප නාවලපිටිය පොලිසියේන් කළ විමසුමකදී කියා සිටියේ සිද්ධය සම්බන්ධයෙන්මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.






