Press "Enter" to skip to content

අරගලය අස්සෙන් මුදල් කොල්ලයක්

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් අතර ආධාර මුදල් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
මෙම මිලියනයේ විරෝධතාවයට ආධාර සදහා විදේශයන් මගින් ලැබෙන මුදල් යූ ටියුබ් ක‍්‍රියාකරුවන් විසින් වංචනික ආකාරයෙන් භාවිතා කරන්නේ යැයි ඔවුන් එකිනෙකා චෝදනා කරමින් සිටිති.
විරෝධතාවයේ ප‍්‍රමුඛ සාමාජිකයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ද තම සමාජ ජාල ගිණුමේ එම තත්ත්වය අවවාදාත්මකව සටමනක් පල කර ඇති අතර පසුව එය ඉවත් කර තිබේ.

ඇතැම් යූටියුබ්කරුවන් දන්සැල් මුවාවෙන් දන්සැල් මංකොල්ල කන බවටද සන්නස්ගල විසින් චෝදනා කර තිබේ.

යූ ටියුබ්කරුවන් තවත් දෙතුන් දෙනෙකුම් මෙන්ම විරෝධතාවට සහාය දෙන ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ද මෙම අනතුරු අගැවීම කර ඇත්තේ මුදල් ආධාර ලබා දෙන්නේ නම් විශ්වාසවන්ත අයෙකුට පමණක් ලබා දෙන ලෙසයි.

මේ අතර විරෝධතා ස්ථානයට ආධාර ලෙස ලැබුණු ජලබෝතල් විකිණීමක් සිදුව ඇති බවත් ඒ ගැනද ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් දැනගන්නට ඇත.

මෙම මිලියනයේ විරෝධතා කරුවන්ගේ ලෙස ප්‍රධාන සටන් පාඨයක් වනුයේ හොරු එලවිය යුතු බවත් සොරකම් කල මුදල් ආපසු ලබා ගත යුතු බවත්ය.

More from GossipMore posts in Gossip »