Press "Enter" to skip to content

ජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍යයි

“අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍ය වේ” යන්න උපුටා දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අප්‍රේල් මාසය අතීතයේ ලේ හා කඳුළු ගලාගිය මාසයක් බවත් මේ අප්‍රේල් මාසයද එසේ කිරීමට උත්සහ කරන සහ ප්‍රති අභියෝග කරන උද්දච්ඡ ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කළ හැක්කේ අවිහිංසාවේ සහ ප්‍රේමයෙන් බවය.

අදාළ ප්‍රකාශය පහතින්.

උපුටා ගැනීම

“මේ අප්‍රේල් මාසයයි. අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි,
වීදියේ අරගල කරුවනි, මේ අප්රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි. අ⁣පේ සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි
“මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ.”

උපුටා ගැනීම අවසන්

More from GossipMore posts in Gossip »