Press "Enter" to skip to content

දැරියක පේ‍්‍රම දැලේ පටලවාගෙන අතවර කළ දෙදරු පියා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් දෙදරු පියකු ඊට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ මිතුරකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

යක්කලමුල්ල කොට්ටව ප‍්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. බාලවයස්කාර දැරිය හා 30 හැවිරිදි වියේ පසුවන දෙදරු පියා කිරින්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මොවුන් දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධතාවක් තිබී ඇති අතර මොහු මෙකී දැරිය සමග කොට්ටව ප‍්‍රදේශයේ පිහිටි මිතුරාට අයත් නිවසකට පැමිණ එහි නවාතැන් ගෙන සිටියදී සැකකරු හා ඒ සඳහා ආධාර අනුබල දුන් මිතුරා අත්අඩංගුවට ගෙන ඇත.



මෙම වර්ෂයේ ජුනි මාසයේ දී මොහු මෙකී දැරිය රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇති අතර දැරිය පරිවාසභාරයට පත්කර ඇත. පසුව පරිවාසය මගින් දැරිය ඇයගේ නැන්දාට භාරදී ඇත. මොහු ඇප මත පැමිණ යළි දැරිය සමග කොට්ටව ප‍්‍රදේශයට පැමිණ සිටිය දී පොලිසියට කොටුවී ඇත.

සැකකරු හා ඔහුගේ මිතුරා ඊයේ (01දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ, උ.පො.ප උපාලි, කා.පො.සැ (6374) රූපා යන නිලධාරිනිය ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

More from GossipMore posts in Gossip »