Press "Enter" to skip to content

නිදි යහනේ සිටි හත් හැවිරිදි සෙනුදි නිවසේ ගින්නට බිලි

වැලිගම වල්ලිවල ප‍්‍රදේශයේ නිවසක පෙරේදා (30 දා) ඇතිවූ ගින්නකින් නිවසේ නිදාගෙන සිටි සත් හැවිරිදි දියණියක පිළිස්සී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සෙනුදි දෙව්මිණි නමැති සත්හැවිරිදි පාසල් දැරියකි. නිවසේ විදුලිකාන්දුවක් හේතුවෙන් හටගත් ගිනි ගැනීමකින් දැරිය මියගොස් ඇතැයි පොලිසිය සැක කරයි.

මියගිය දැරියගේ නිවසේ ගෑස් සිල්න්ඩර් දෙකක් ගෑස් අවසන් වී තිබී ඇති අතර මෙම දිනවල ගෑස් ටැංකි ආශ‍්‍රිත පිපිරීම් සිදුවන නිසා එම සිලින්ඩර්වලට ගෑස් නොගෙනා බව මියගිය දැරියගේ පියා පොලිසියට ප‍්‍රකාශකර ඇත.



නිවසේ ගින්න ඇති වනවිට දැරියගේ මව කොග්ගල ප‍්‍රදේශයේ ආයතනයක රැුකියාවට ගොස් පැමිණෙමින් සිට ඇත. පියා මව රැුගෙන ඒමට කප්පරතොට බස් නැවතුම්පොළ අසලට ගොස් ඇති අතර නිවසේ මියගිය දැරියත් දහතුන් හැවිරිදි වැඩිමහල් සොහොයුරිය ඇයගේ මිත්තණිය සිට ඇත.

මියගිය දැරිය කාමරයක නිදාගෙන සිට ඇති අතර නිවසේ ගින්න දුටු අසල්වාසීන් දහතුන් හැවිරිදි දැරිය සහ මිත්තණිය බේරා ගෙන ඇත. ඔවුන් ගින්න මැඬ පැවැත්වීමට උත්සහ දරා වැලිගම පොලිසියට සිද්ධිය දන්වා මාතරින් ගිනි නිවීමේ රථ දෙකක් ගෙන්වා ගින්න මැඬ පවත්වා ඇතත් ඒ වනවිට හත් හැවිරිදි දැරිය පිළිස්සී මියගොස් සිට ඇත.


ගින්නට හේතුව නිසි ලෙස හඳුනාගෙන නොමැති අතර ගින්න විදුලි කාන්දුවක් නිසා ඇතිවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

චමින්ද සිල්වා – එන්. එන්. මුරුතවලගේ

More from GossipMore posts in Gossip »