Press "Enter" to skip to content

කාන්තාවන් අබිරහස් ලෙස මැරෙන රැල්ල දිගටම! අලුත්ම එක මිහින්තලෙන්!

මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එම කාන්තාව වාසය කරන නිවස ආසන්නයේ ඉඩමක තිබී ගෙල වැළලාගෙන මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.

කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් අති බවට නිරීක්ෂණය වුවද මෘත දේහය පරීක්ෂා කිරීමේදී දක්නට තිබුණේ හිසේ බරපතළ තුවාල ඇති බවය.


එ බැවින් මරණය සැක සහිත බව පොලීසිය පැවසීය.

ඊයේ (30) සවස් කාලයේ එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 24 හැවිරිදි ඉලුල්ලුකන්නිය උතුර ප්‍රදේශයේ පිදිංචිකාරිනියකි .

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

මිහින්තලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

More from GossipMore posts in Gossip »