Press "Enter" to skip to content

මිස් කෝල් පෙම්වතා 14 හැවිරිදි බාල වයස්කාර දැරියව මහනුවරට ගෙන ගොස් දූෂණය කරලා..

බේරුවල ,මාගල් කන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 14යි මාස හතරක් වයසැති බාල වයස්කාර දැරියක් ජංගම දුරකථනයෙන් මිතුරු කරගෙන මහනුවර දවුලගල ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් දූෂණය කළ සැකකාර 32 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

දැරිය නිවසින් අතුරුදන් වී ඇතැයි මෙම දැරියගේ දෙමව්පියන් කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර බේරුවල පොලිසිය සැකකාර තරුණයා හා ඔහුගේ මව දවුලගල ප්‍රදේශයේ නිවසේ දී ඊයෙ (28) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලීසියට රැගෙන විත් ඇත‍.

දැරියගේ ජංගම දුරකථනයට ආ මග හැරුණු ජංගම දුරකථන අංකයක් මගින් දෙදෙනා මාස තුනක් වැනි කෙටිකාලයක් තුළ මිතුරු වී ඇති අතර එම කාලය තුළ දෙදෙනා මුන ගැසී නැත.

එම කාලය මුළුල්ලේ දුරකථන මගින් පැවැත්වූ සම්බන්ධතාවයෙන් පසුව මෙම තරුණයා මහනුවර දවුලුගල සිට සිය මව සමග මග්ගොන ප්‍රදේශයට පැමිණ කාමර කුලියට දෙන ස්ථානයක රාත්‍රී ගතකර පසුදින උදෑසන එම දැරිය ඇගේ දෙමව්පියන්ට හොරරහසේ සිය නිවසේ ජනේලයෙන් පැන දැරිය ගෙන ගොස් තිබේ.

ඒම දැරිය ඉකුත් විසිපස් වන දින ගොස් තරැණයාගේ නිවසට ගෙන ගොස් දූෂණය කර ඇති බවත් දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ් බව සනාථ වී ඇති බවත් බේරුවල පොලිසිය කියයි.

මේ වනවිටත් එම දැරිය රෝහල් ගත කර ඇති අතර ඇය බාල වයස්කාර දැරියක් බව දැන දැනත් එම අපරාධය කළ තරුණයා හා ඊට අනුබල දුන් ඔහුගේ හැත්තෑ හැවිරිදි මව අධිකරණය ටඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

More from GossipMore posts in Gossip »