Press "Enter" to skip to content

ජනතාවට කලබල නොවන්නැයි ඉල්ලයි

යාපනය කොටුව ආසන්නයේ කිතුනු දේවස්ථානයකට අද(29) අලුයම 3.30 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා බීමතින් සිට ඇති බවත් මානසික අස්ථායී පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.

මේ පිළිබඳව ජනතාව කලබලයට පත් නොවන ලෙස පොලිසිය පවසයි.

ප්‍රහාරයේ පසුබිම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.