රටම කම්පාවට පත් කරමින් පොළොන්නරුවේ සිදුවූ මරණය
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12ක් ප්රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, වැලිකන්ද සදුන්පිටිය ප්රදේශයේ පදිංදි වයස අවුරුදු 19ක් වූ බී.ජී. අයේශා කුමුදුනු නමැති විවාහක කාන්තාවකි.
වැලිකන්ද පොලීසිය පැවසුවේ පසුගිය 13 වැනිදා ඇය මුළුතැන් ගෙවි ගෑස් උදුන දැල්වීමට යෑමේදී එය දැල්වී නොමැති නිසා ගිනිකූරක මගින් උදුන දැල්වීමට උත්සාහ දරා ඇති බවයි.
ඒත් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලීස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙම සිදුවීම වන අවස්ථාවේ එම නිවසේ වෙනත් කිසිවකුත් නොසිටි බැවින් අසල්වාසීන් පැමිණි ගින්න නිවා තුවාල ලැබූ කාන්තාව වැලිකන්ද ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු අවසන් කර අද අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදී ඇති බව පොලීසිය සදහන් කළේය.






