Press "Enter" to skip to content

රාජකාරිය අතරතුර ට්‍රැෆික් රාළහාමි පෙම්වතිය සමග රූම් ගිහිං පොලිසියට මාට්ටු වෙයි

මේ කියන නිලධාරියා රථ වාහන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ අයෙකි. රටපුරා පිහිටි පොලිසි කිහිපයකම රාජකාරි කළ ඔහු මාර්ග නීති කඩන රියැදුරන්ට බුරුලක් දුන්නේම නැත. එක්තරා පොලිසියකට අනුයුක්තව සිටින අතරතුර ඔහුට පෙම්වතියක මුණ ගැසුණේද රාජකාරි අතරතුරය. නමුත් ඇය විවාහකය. තහනම් පේ‍්‍රමයක පැටලූණ මෙකී කඩවසම් තරුණ පොලිස් රාළහාමිට රාජකාරි අතර තුරද ඇය මුණ ගැසිණි.

 මාර්ග නීති කඩන රියැදුරන් අල්ලා නීතිය තදින්ම කි‍්‍රයාත්මක කළත් මහමගදී ඇය හමුවන ඔහුට ඒ මාර්ග නීතිද අමතකව ගියේ ආලේ අන්ධ නිසාමය.

 ‘මට හෙල්මට් එකක් නෑනේ මෙයා’ දිනක් අතර මඟ හමුවූ ඇය කීවාය. ‘හෙල්මට් ඕනෙ නෑ. නගින්න මම බලාගන්නම්’ අන්ධ පේ‍්‍රමය හමුවේ ඒ නිලධාරියා නීතිය නවා බැලූවේය. නගරය මැදත් අතුරු පාරවල්වලත් දෙදෙනා ගමන් බිමන් ගියේ හෙල්මට් නොමැතිවය. බොහෝ අය මේ දසුන දැක මුණු මුණු ගෑවේ පොටක් පෑදෙන තුරුය.

 මේ අතරවාරයේ දෙදෙනා තානායමකට ආවේද ද හෙල්මට් නොමැතිවය. ගමේ අය පොලිස් හදිසි ඇමතුමට කතා කළේය. සර්….. අහවල් හෝටලේ කලබලයක්. මිනී මැරුමක් අත ළඟ’ මේ දැනුම් දීමට සැණින් පොලිසිය හෝටලයට ආවේ ඒ අනුවය. ඒ වන විටත් රථ වාහන පොලිස් නිලධාරියා සිටි කාමරයට ගල්වරුසා පතිත වෙමින් තිබිණි. පොලිසිය එහි යන විටත් රථ වාහන පොලිස් නිලධාරියා රාජකාරි වේලාවේදී වෙන රාජකාරියකි.

 පොලිස් පරීක්‍ෂණ ඇරැඹිණි. පේ‍්‍රමයෙන් අන්ද වී සිටි ඔහුගේ ඇස් පෙනෙන්න ගත්තේ නිල ඇඳුම ගලවා ගෙදර යැවූ පසුවය.

 

More from GossipMore posts in Gossip »