Press "Enter" to skip to content

හොම්බෙන් යන ශ්‍රී ලන්කන් උඩට ගන්න සුද්දෙක්ට බාරදෙයි!

ශ්‍රි ලංකන් ගුවන් සමාගම සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් මහතා පත්කර තිබේ.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන ඒ මහතා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තනතුරු හොබවා ඇත.

ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා බෙදාහැරීම සහ විකුණුම් යන ක්ෂේත්‍ර කිහිපයකම ඔහුගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද විහිදී පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවය හා එක්වන්නේ ජාතික ගුවන් සේවය ඵලදායී සහ තිරසාර ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවක බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

More from GossipMore posts in Gossip »