Press "Enter" to skip to content

දැරියක ඝාතනය කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

දඹුල්ල පොලිස් වසමේ කලෝගඟඇළ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක ඝාතනය කිරීමේ සිද්ධියකට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා දඹුල්ල පොලිසිය මහජන සහය පතයි.

පොලිසිය සඳහන් කරන්නේ, වයස අවුරුදු 35ක් වන වික්‍රමසිංහ ආරච්චිලාගේ සුමේධ වසන්ත නොහොත් පහන් ලෙස හැඳින්වෙන අදාළ සැකකරු මෙම ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය බව ය.

දොරටියාගල, මගුලාගම, කුරුණෑගල යන ලිපිනයෙහි පදිංචි වි සිට ඇති මොහුුගේ ජාතික හැඳුනුම්පත් අංකය 862495098 V බව පොලිසිය දැනුම් දී ඇත.

තව ද මහජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ, මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත අංක වෙත දැනුම් දෙන ලෙස ය.

ස්ථානාධිපති – දඹුල්ල – 071-8591091

ස්ථානාධිපති – අපරාධ අංශය – 071-8593103