Press "Enter" to skip to content

උද්ඝෝෂණයට සහභාගි වූ ගුරුවරිය හෘදයාබාධයකින් මරුට

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කර තමන්ට හිමි නියමිත වැටුප ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා  (9 දා) මාතර කොටපොළ ජාතික පාසල ඉදිරිපිට දී ගුරු විදුහල්පතිවරුන් දහසකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් විණි.

මෙම අවස්ථාවට සහභාගි වූ දෙනියාය කන්නන්ගර ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක වූ ඒ. ඞී. වරුණි අසංකා ගුරු මෙනවිය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් දෙනියාය රෝහලට ඇතුළත් කිරීමට යෑමේදී රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය ගියේය.

උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු විදුහල්පතින් සහ මියගිය ගුරු මෙනවියගේ ඡුායාරූප මෙහි දැක්වේ

More from GossipMore posts in Gossip »