Press "Enter" to skip to content

නයිට් ක්ලබ් එකක නටන්නේ අනුරගේ පුතාද? ‌ෆේස්බුක්වල හරහරියට සංසරණය වන වීඩියෝව මෙන්න! (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු කසුන් දිසානායක සුඛෝපභෝගී සමාජශාලාවක තරුණියක සමග නර්තනයේ යෙදෙන බව කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.

මෙම සමාජශාලාව මෙරට ප්‍රභූ පන්තිය අතර ජනප්‍රිය, මිල අධිකම සමාජශාලාවක් ලෙස සැලකේ.

මෙහිදී කසුන් දිසානායක යැයි පැවසෙන තරුණයකු සිය මිතුරු මිතුරියන් සමග සමාජශාලාවේ විනෝද වෙන අවස්ථාවේ වීඩියො හා ඡායාරූප මාධ්‍යයට නිකුත්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් ජනතා විමුක්ති පෙරමුණ හෝ අනුර කුමාර දිසානායක මහතා අදාළ පුවත සත්‍යයක්ද, අසත්‍යයක්ද යන්න නිවේදනය කොට නැත.

එසේ එම පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් වන්නේ නම් එයද අප පළ කිරීමට සූදානම්ය.

කෙසේවෙතත් පසුගිය කාලසීමාවේදී මැතිඇමැතිවරුන්ගේ පුතුන් රාත්‍රී සමාජශාලාවන්ට ගොස් ගැටුම් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණු අතර ඊට සමාජයෙන් දැඩි පිළිකුලක් සහ විරෝධයක්ද එල්ල වී තිබිණ.

පහත ඇති වෙබ් අඩවිද මෙම පුවත පළ කිරීමට පියවර ගෙන තිබූ නමුත් එහි සත්‍ය අසත්‍යතාව පිළිබද මෙතෙක් නිසි තොරතුරක් අදාළ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ආකාරයක් දැකගන්නට නැත.

https://lankamag.com/anura-kumaras-son-night-life/

https://lankacnews.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-2/

https://youtu.be/aNrY9q-8QLw

උපුටා ගැනීම – mawratanews.lk

More from GossipMore posts in Gossip »