Press "Enter" to skip to content

නොවැම්බර් 08 රටේම පාසල් විවෘත කරයි !

රජයේ හා රජයේ අනුමත සියලු පාසල් නොවැම්බර් 8 වැනිදා සිට සම්පූර්ණයෙන්ම ආරම්භ වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙසේ රටේම පාසල් විවෘතවන්නේ මාස හතකට පසුවය.

ඒ අනුව තුන්වන අදියර යටතේ මෙතෙක් ආරම්භ නොවූ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති නොවැම්බර් 8 දා සිටද සිවුවන අදියර ඒ ආසන්නම දිනකදී ආරම්භ වනු ඇතැයි පැවසේ.

එදින සිට 10,155 ක් වන ලංකාවේ සියලු පාසල් යළි යථා තත්ත්වයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂාවෙන් සිටී.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දැනට අඩාළ වී ඇති බැවින් සියලු පාසල්හි අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ මේ වන විටත් ලැබී තිබේ.

දැනට ක්‍රියාත්මක වන පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වැනිදා අලුයම 4ට ඉවත් කිරීමටද රජය තීරණය කර ඇති අතර පොදු ස්ථාන, වෙළෙඳසල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද රජය සොයා බලමින් සිටී.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඉකුත් සතියේ විවෘත වූ පාසල්වලට විදුහල්පති පැමිණීම 97% ක්ද ගුරුවරුන්ගේ පැමිණීම 94% ක්ද, සිසුන්ගේ පැමිණිම 70% ක්ද ලෙස ඉහළ අගයක් ගත් බවයි.
SOURCE – SRILANKAMIRROR.COM

More from GossipMore posts in Gossip »