කිරිඇල්ලෙදී පොලිසිය කළ තවත් අමානුෂික පහර දීමක්
රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී පොලිස් ලොක්කෙක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටින පුද්ගලයකු නවතා ඔහුට පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයේ සංසරණය වෙයි.
මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට මෙම පොලිස් ලොක්කා උත්සාහ දරයි.
මෙම පොලිස් ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු බව පැවසේ
පහර කෑමට ලක්වන පුද්ගලයා පවසන්නේ මේ පොලිස් ලොක්කා බීමතින් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අපකීර්තිදායක හැසිරීමක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ පවත්වන බවයි.
ඔහු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙන් සිටියදීද මෙවැනිම ආකාරයේ පහරදීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත
source – aruna.lk






