“අවුරුදු 18ක්වත් නැති චූටි කෙල්ලෙක්..
කොල්ලා එක්ක රංඩු වෙවි පිටිපස්ස සීට් එකේ විගඩම් නටනවා.”
“ගෑනු කෙනා කාර් එකෙන් බහින්න කලින් කතා කළේ එයාගේ දරුවට..”
දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, “කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ…” කියලා.
“කොළඹ රුදුරු” වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න “නපුරු රාක්සයෝ” නිය තුඩු උල් කරගෙන ඉන්නවා. සත්තකින් ම උන් තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ…
කොළඹ ටැක්සි ඩ්‍රයිවර්ගේ දින පොත… (අද දෙවනි කොටස.)
“මහත්තයෝ ඔය දැන් පරම්පරාව… මම කිව්වේ අපේ කාලේ නෙවෙයිනේ දැන්. දැන් ඔය රැඩිකල් ද මොකද්ද කියන්නේ.. අන්න ඒ විදිහේ උන් නිතරම තමන් කරන කුප්ප වැඩ සාධාරණීකරණය කරනවා. එක දවසක් මගේ කාර් එකට නැඟපු පොඩි කෙල්ලෙක් යනකන්ම ගියේ සිගරැට් බිබී… මම ඇහුවා වයස… විස්සක්වත් නෑ මම හිතන්නේ… ඒ කෙල්ල කියන්නේ ඒ මේ කාලේ හැටියට සාමාන්‍ය දෙයක් ලූ…”
“ඔෆිස් යනවා කියලා වීල් එකට නැග්ගා ඒ ගෑනු මනුස්සයා කෙළින්ම බැස්සෙ එතන.. හැඩි දැඩි පිරිමි දෙන්නෙක් ඇවිත් එයාව බදාගත්තා. මම වෙව්ලලා ගියා මහත්තයෝ.. දුක හිතුනේ වෙන දේකට නෙවෙයි. ඒ ගෑනු කෙනා කාර් එකෙන් බහින්න කලින් කතා කළේ එයාගේ දරුවට, හරිම ආදරෙන්. පුතේ මම ඔෆිස් එකට යන ගමන් කියලා. අනේ ඒ නොදරුවා දන්නවා නම් එයාගේ අම්මා මිනිස්සු දෙන්නෙක් එක්ක හොටෙල් රූම් ගියා කියලා..”
“අවුරුදු 18ක්වත් නැති චූටි කෙල්ලෙක්.. කොල්ලා එක්ක රංඩු වෙවි පිටිපස්ස සීට් එකේ විගඩම් නටනවා. ඒ කෙල්ල භාගෙට ඇඳපු ඇඳුම් පවා ඉරිලා. මට මගේ දෝණිව මතක් වුණා මහත්තයෝ..!! තාත්තෙක් කොයි තරම් පරිස්සමින්ද කෙල්ලෙක්ව වදන්නේ. මෙහේ උන් ඩැඩී ඩැඩී කිය කියා කෝල් එකේ හුරතල් වෙන්නෙ උපාසක අම්මලා වගේ. දෙයියනේ ! ඒ තාත්තලාට මඩු වලිගෙන් ගහන්න ඕනි, මේකිලා කරන දේවල් දන් නෑ වගේ හැසිරෙනවාට..”
“ඒ කෙල්ල ස්පා එකකලූ වැඩ කරන්නේ. කිලෝමීටර් 20ක් විතර යනකන් ඒ මනුස්සයාගේ කතාව තමයි මට කිව්වේ. බදුල්ලෙලු ගම. මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගිහින්. දරුවෙකුත් ඉන්නවලු. දැන් බෝඩිම් කාමරයක් හොයාගෙන රෑට රෑට ස්පා රස්සාව කරනවාලූ. එක අතකට පව් හිතුණා. දරුවාගේ වියදම් නිසාලූ රස්සාවට බැස්සේ. අහනකොට දුකයි තමා. ඒත් ඒ දරුවා ලොකු වුණාම අම්මා ගැන දැනගන්නකොට, ඒ දරුවට මොනා හිතෙයිද මහත්තයෝ..”
“එදා මං ඉස්සරහාම ඒ කෙල්ල බීඑම්ඩබ් එකකට නැග්ගේ. මට වැඩිපුරත් ගාණක් දීලා ගියේ. ඒ කෙල්ල ඉස්කෝලේ යන කෙල්ලෙක් වගේ. හුඟක් චූටි පෙනුමක්. අර මිනිහා මේකීව ඉඹලා කාර් එකට දාගත්තා. ඊට පස්සෙ උගේ අසහනේ පිට කරන හැටි මගේ ඇස් දෙකෙන්ම දැක්කා මහත්තයා.. සමහර විට ඒකිත් මූ සල්ලිකාරයා හින්දා වහ වැටිලා ඇති.. මට හිතුනේ එහෙමයි..”






