සැමියාට වයස 75යි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා.
ඒ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදි වියේ පසුවනවා.
ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.
රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වන අතර මෙය නළදරු උපතක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ යුවළගේ වෛද්‍යවරයා වන තුරේෂ් බානුෂාල් පවසන්නේ මෙය ඉතාම කලාතුරකින් සිදුවූ දරු උපතක් බවයි.
“මිට වසර එකහාමාරකට පමණ පෙර මෙම යුවල මාගේ සායනයට පැමිණි අවස්ථාවේදී මම පුදුමයට පත්වුණා. මම කිව්වා ඔවුන්ට දරුවන් ලැබීමේ අදහස අත්හැර ගන්න කියලා. නමුත් ඔවුන් තීරණය වෙනස් කලේ නැහැ. අපි ඉතා සංකීර්ණ ක්‍රමයක් තුලින් මේ ක්‍රියාවලිය සිදුකලේ. සියලු දෙනා පුදුමයට පත්කරමින් එය සාර්ථක වීම සතුටුයි” වෛද්‍ය තුරේෂ් බානුෂාල් වැඩිදුරටත් කියා සිටියා.
එම යුවල විසින් මෙම දරුවට”Lalo” යනුවෙන් නම් තබා තිබෙනවා.
මිට පෙර ඇය අවස්ථා රැසකදී උත්සහ ගනු ලැබුවත් ගැබ් ගැනීමකට ලක් නොවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.






