Press "Enter" to skip to content

තරුණියන් රවටා – නිරුවත් කර ඡායාරූප අරන් – බ්ලැක් මේල් කරලා

සමාජ මාධ්‍යයේ සැරිසරන කලුකුමාරයාගෙන් ආරක්ෂා වෙන්න

තරුණියන් රවටා නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගන්නා ජාවාරමක් කරගෙන ගිය තරුණයකු සැකපිට 17 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයකු බව දඹුල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක පැවසීය.

දඹුල්ල ප්‍රදේශයේ තරුණියක කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් ඉතා සූක්ෂම මෙහයුමක් අරඹා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පොලිසිය දුරකතනය ඔස්සේ සැකකරුට අමතා මුදල් ලබා දීමට දඹුල්ලට පැමිණෙන ලෙස දන්වා වෙස්වලාගත් පොලිස් කණ්ඩායමක් යොදවා දඹුල්ල කැකිරාව බස් නැවතුම්පොළ අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් මිතුරු කරගෙන ඇත්තේ ජංගම දුරකථන, මුහුණු පොත, සහ උපකාරක පංති මෙන්ම මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියන් හිදී බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මොහු දඹුල්ල ප්‍රදේශයේ තරුණියක සමග ඉතා සූක්ෂම ලෙස මිතුරු වී අවස්ථා දෙකකදී ඇය කතාබහ කිරීම් සඳහා බව පවසමින් පාළු ස්ථානවලට රැගෙන ගොස් තරුණියගේ අඩ නිරුවත් සහ ඔහු සමග සමීපව ඉන්න ඡායාරූප ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරන බවත් එසේ මුදා හැරීම නවතා ගැනීම සඳහා නම් රුපියල් 45,000 ක මුදලක් ඉල්ලා සිටින බව තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබුණු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් තරුණයාගේ ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී තවත් තරුණියන් විශාල ප්‍රමාණයකගේ ඡායාරූප රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කළේය.

කේ .කේ. ආරියදාස – දඹුල්ල

More from GossipMore posts in Gossip »