වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ ඉතාමත් පිංවන්ත ජායාරූප පෙළක් දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම එම ජායාරූප පෙළ අපි හැමෝගෙම සිත නිවන ජායාරූප පෙළක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් මේවෙනකොට එලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන ජායාරූප පෙළෙහි ඉන්නේ වයස අවුරුදු 21 ක තරුණියක්. ලස්සන තරුණියක වන ඇය ජීවිතයේ යථාර්තය තේරුම් ගනිමින් උතුම් විමුක්තිය සොයා සසුන් ගතවෙනවා. එලෙස උතුම් පැවිදි දිවියට ඇතුළත් වෙන්නේ දිල්මි හංසිකා නවෝද්‍යා කියන තරුණියයි.
කොහොම නමුත් ඇය උඩරට මනාලියක ලෙසින් සැරසී පැවිදි දිවියට ඇතුළත් වීම නිසාවෙන්ම ඊට සමාජ මාධ්‍ය තුළ සුවිශේෂ අවධානයක් හිමිව තිබෙනවා. ඒ වගේම දියණියව මනාලියක ලෙස හැඩගන්වා ඒ සුන්දරත්වය දැක මෙහෙණින් වහන්සේ නමක ලෙස හිස බූගා සැරසෙද්දී ඇ මව හඩා වැලපුනේ දරු සෙනෙහස නිසාවෙන්මයි. ඇත්තෙන්ම සිය දියණිය උතුම් නිවන සොයා ගියත් මවට එය දරා ගැනීමට පහසු වූයේ නැහැ. ඇත්තටම ඒ මොහොත අපි හැමෝගෙම ඇසට කදුළක් එක් කරනු ලැබුවා. ඒ වගේම තමයි අවුරුදු 21 වැනි නව යෞවන වයසේදී බැදීම් සියල්ල අතහැර උතුම් පැවදි දිවියට ඇතුළත් වීමට ඇයට සිතීම වාසනාවම පමණක් නොවෙයි සංසාර ගත පිනක් වෙනවා.
ඉතින් එදා වයස අවුරුදු 21වන දිල්මි හංසිකා නවෝද්‍යා කියන මේ තරුණිය මෙදා කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි බිමට ඇතුළත්ව තිබෙනවා. කොහොමහරි ඉතින් එලෙස උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට පැවදි බිමට පිවිසි ඇයට ශාසනය තුළදීම උතුම් නිර්වාණය ලබා ගැනීමට හැකිවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.






