ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු දත්තයක් මැකී ගොස් නැතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ සූදානම් වන්නේ මහා වංචාවකට බවත් සියලු දෙනා කරන්නේ බොරු බවත් ඒ මහතා පවසයි.
දත්ත එසේ පහසුවෙන් මකා දැමිය නොහැකි බවත් පවසන ඔහු මේ ආකාරයට රටේම දත්ත බරපතළ අනතුරක යයිද කියා සිටියි.
අන්තර්ජාලය නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.






