විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා එම තනතුරින් ඉවත් කිරීමට රාජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ තීන්දුවට හේතුවී ඇත්තේ පසුගිය කාලය පුරාම විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි බව රජයේ පාර්ශව අනාවරණය කර තිබේ.
විභාග පැවැත්වීමේ ක්‍රමවේද හා ඇතැම් විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ ගැටලු ආදියද ඒ අතර වූ බව පැවසේ.
කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු ගැසට් මගින් අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
source – srilankamirror.com






