Press "Enter" to skip to content

රෝගී ජීවිත වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍ය දිල්ෂිකාගේ අවාසනාවන්ත ඉරණම

කොවිඩ් නිව්මෝනියා රෝගි තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මන්‍ය වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇති බව ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි, අසිරි පෙදෙස, රජමාවත, රත්මලාන ප්‍රදේශයේ පදිංචි සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නැමති වෛද්‍යවරියක්.

ඇය රෝහලේ සේවය කරමින් සිටියදි අගෝස්තු මස 23 වැනිදා ඇගපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන තිබුණා.

එම පරික්ෂණ ප්‍රථිපල අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබුණා.

පසුව ඇය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක් වෙත ඇතුළත් වී තිබෙනවා.

පසුගිය 02 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සඳහා ඇයව කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබුණා.

රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනිදින පස්වරුවේ දි ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.

මියගිය වෛද්‍යවරියගේ පියා වන වතුඅධිකාරි යට්ටොවිට විතානගේ නිරංජන් දිල්ෂාන් හේමපාල මහතා හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් කියා සිටියේ මෙවන් කතාවක්,

“මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇය රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. දියණියට දියවැඩියා රෝගි තත්වයක් තිබි ප්‍රථිකාර ගෙන සුව වුනා.

අගොස්තු 23 වැනිදා දුව මට දුරකථන ඇමතුමක් දිලා කිව්වා තාත්තේ මගේ අත හරි අමාරුයි  ඇගත් රිදෙනවා කියලා.

මම දුවගෙන් ඇහුයවා එක්ක යන්න එන්නද කියලා. මට එන්න එපා කිවා.  දුව එන්නම් කිවා.  23 වැනිදා හවස දුව කොළඹ ඇවිත් පුද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වුවා.

එම රෝහලින් පි.සි.ආර්. පරික්ෂණයක් කළා. 24 වැනිදින එම පරික්ෂණ ප්‍රථිපල අනුව දුවට කොවිඩ් වෛරසය ආසාදනය වෙලා තිබුණා.

පස්සේ දියණිය ෙඑම රෝහල මඟින් පාලනය වන ගලකිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක ඇතුලත් වුණා.

29 වැනිදින  දියණියගේ රෝගි තත්වය උත්සන්නවිම නිසා තලවතුගොඩ පිහිටි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට දියණිය මාරු කළා.

මේ මස 01 වැනිදින හුස්ම ගැනිම පහසුකිරිම සදහා දියණියගේ මුඛවට බටයක් දමා තිබුනා.  02 වැනිදා දියණිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළා.

දියණිය කරාපිටිය රෝහලේ  ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන්  ප්‍රථිකාර ලබමින් සිටියා.  දුව කථා කළේ නැහැ. කොළකැබලිවල ලියා එහි සිටි හෙදිනිලධාරිණියන්ට ලබාදිලා දුව විස්තර  අහලා තියෙනවා.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු  දියණිය ගොඩදමාගන්න දැඩිකැපවිමක් කළා. ඒ කරපු ප්‍රථිකාර මා දැක්කා” 

මියගිය  වෛද්‍යවරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින්  සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකරණු ලැබිය.  

 ටරින්දි දිල්ෂිකා විතානගේ වෛද්‍යවරියගේ අවසන් කටයුතු අද (24)  දෙහිවල නැදිමාලේ පිහිටි ආදාහනාගාරයේ දි සිදුකිරිමට නියමිතයි.

(ලලිත් චාමින්ද – ගාල්ල)

More from GossipMore posts in Gossip »