Press "Enter" to skip to content

ඉන්දීය මහකොමසාරිස්ගෙන් ‘මැණිකෙ’ට ලැබුන තනතුර

යොහානි අප දෙරටේ නවතම සංස්කෘතික තානාපතිනියයි

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි.

යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇත. එම පණිවිඩවල මෙසේද සඳහන් වේ.

“නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාළිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිබිඹු වේ.

More from GossipMore posts in Gossip »