Press "Enter" to skip to content

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී තවත් සැකකරුවෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රත්නපුර කලවාන ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ දැරියන් අලෙවි කිරීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයන්ට අදාළව මේ වනවිට සැකකරුවන් සහ සැකකාරියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එක්ව එම විමර්ශන සිදුකරයි.

More from GossipMore posts in Gossip »