Press "Enter" to skip to content

ඇමැති ලොහාන් එක්ක ඩෙගා නටන්න ගිය සුරූපී තරුණිය ගැන හෙළිවේ

නැහැ නැහැ කිව්වට එයත් ගිහින්ලු

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා ප්‍රතික්ෂේප කළද ඇය එම ස්ථානයට ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කරයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් පෙරේදා (15 වැනිදා) ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ සමග බන්ධනාගාරයේ එල්ලුම් ගස් බැලීමට ගිය රූ රැජින පුෂ්පිකාද සිල්වා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ‘අරුණ’ට ඊයේ (16 වැනිදා) පැවසීය.

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය පිරිස අතර විවාහක රූ රැජින කිරුළ හිමි තැනැත්තියක්ද සිටි බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමත් සමග පුෂ්පිකා ද සිල්වා සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ‘‘මම එතැනට ගියේ නැහැ කියලා වගකීමෙක් කියනවා. ඔය කතා බොරු’’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

More from GossipMore posts in Gossip »