Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවටම විදුලිය ගැන හදිසි දැනුම් දීමක්

තව මාසෙකින් රටම අදුරු විය හැකි බවට අනාවැකියක් ඵලවේ

විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

“තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා. දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. 12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව. අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි.”

More from GossipMore posts in Gossip »