ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සහ දරුවන් සෑදීමේ හැකියාවක් නැති වන බවට සමාජ මාධ්‍යවල පළ වූ අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් තරුණ ප්‍රජාව මෙලෙස එන්නත් ලබා ගැනීමට බියක් දක්වන බවය.
“මේක සම්පූර්ණයෙන් ම ව්‍යාජයක්. එන්නත් ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා කියලා එකක් නම් ලෝකේ කොහෙන්වත් වාර්තා වෙලා නැහැ. අනියත බියක් ඇති කර ගන්නෙ නැතුව, ලැබෙන එන්නත හැකි ඉක්මණින් ලබා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.”






