Press "Enter" to skip to content

අම්මගේ මිනිය ගෙදර තියන් අවුරුද්දකට වැඩියෙන් පුතා පැන්ෂන්එක අරන්

ලියුම් බෙදන්නාගෙන් අනාවරනය වු මහා අපරාධය

සිය මවට ලැබෙන මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ඔස්ට්‍රිරයානු ජාතිකයෙකු වසරකට අධික කාලයක් සිය මවගේ මෘත දේහය නරක් වීමට ඉඩ නොහරිමින් සිය නිවසේ බිම් මහළෙහි තබාගෙන සිට ඇති බව ඔස්ට්‍රියානු පොලිසිය පවසනවා.

මිය ගොස් ඇති 89 හැවිරිදි වියෙහි පසු වූ මව ‘මෙන්ෂියා’ රෝගයෙන් පෙළෙමින් සිටියදී ඉකුත් වසරේ ජුනි මාසයේදී ස්වභාවික හේතුන් මත මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත්තේ

මියගිය කාන්තාවගේ 66 හැවිරිදි වියෙහි පසුවන පුත‍්‍රයා සිය මවගේ දේහයෙන් දුගඳ හැමීම වැළැක්වීම සඳහා එය බැන්ඬේජ් පටිවලින් ඔතා දේහය මත අයිස් පැකට් තබා තිබූ බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සිය මව මියගිය බව අනාවරණය නොකිරීම හේතුවෙන් අදාළ පුත‍්‍රයා පසුගිය කාලය තුළ මවගේ විශ‍්‍රාම වැටුප වශයෙන් යුරෝ 50,000 ක පමණ මුදලක් නීති විරෝධී අයුරින් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.

මෙම වංචාව හෙළි වී ඇත්තේ ඔස්ටි‍්‍රයාවේ බටහිර ටයිරෝල් ප‍්‍රදේශයේ පදිංචි ඉහත කී පුද්ගලයාගේ නිවෙසට ඔහුගේ මවගේ විශ‍්‍රාම වැටුප් චෙක්පත ලබාදීම සඳහා පැමිණි ලියුම් බෙදන්නා විසින් විශ‍්‍රාම වැටුප හිමි කාන්තාව බැලීමට අවශ්‍ය බව පැවසූ විට පුත‍්‍රයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

මෙම සිදුවීමෙන් පසු ලියුම් බෙදන්නා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කාන්තාවගේ දේහය සොයා ගෙන ඇත.

More from GossipMore posts in Gossip »