Press "Enter" to skip to content

හැකි නම් ගර්භණීවීම වසරකින් පමා කරන්න

ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අධි අවදානම්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටියි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක් බැවින්, ඒ වන විට ඉතා හොද වැක්ෂින් වර්ග පැමිණීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මෙලෙස පැවසීය.

ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට.
දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්.
ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න.
ඔබ කැමතිනම්.

More from GossipMore posts in Gossip »