Press "Enter" to skip to content

“කොවිඩ් රෝග මර්දන කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට එකඟ වෙන්න බෑ … “

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.

තමන්ට එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයි ද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ එම කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ඔහු ඉවත්වීම සිදුකර ඇති බවය.

More from GossipMore posts in Gossip »