Press "Enter" to skip to content

නිමා නොවන වෛරසයට ඊශ්‍රායලය දෙන්න යන උත්තරය

කොරෝනා වෛරසය නැවත වරක් නව ප්‍රභේදයන් ඔස්සේ ලෝකය ආක්‍රමණය කරමින් තිබෙනවා. මෙයට මුහුණ දීම සඳහා ලෝකයේ සියලු රටවල් එන්නත්කරණය වේගවත් කරමින් සිටිනවා.

ලෝකයේ එන්නත් ලබාදීම අතින් සාර්ථක වූ රටක් ලෙස ඊශ්‍රායලය හඳුන්වන්න පුළුවන්. ඔවුන් පළමු මාත්‍රා 02ක ලබාදීමෙන් පසුව එරට ජනතාව වෙත 03 වෙනි මාත්‍රාවකුත් ලබාදුන්නා.

නැවත වරක් ලෝකය පුරාවට කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් හිස එසවීමත් සමඟ ඊශ්‍රායලයේ වසංගත රෝග විශේෂඥයින් එක්ව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලයේ කොරෝනා පාලනය සඳහා පත්කර ඇති විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී සල්මාන් සර්කා විසින් ඊශ්‍රායල ජනතාව වෙත දැනුම් දී තිබෙන්නේ කොරෝනා වෛරසය සඳහා මුහුණ දීමට එන්නත්වල 04 වෙනි මාත්‍රාවක් ලබාගැනීම සඳහා සුදානම් වෙන ලෙසයි.

ඩෙල්ටා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඊශ්‍රායලය තුළද වෛරසය නැවත ඉහළ යාහැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර ඒ සඳහා මුහුණ දීමක් වශයෙන් මෙම 04 වෙනි එන්නත් මාත්‍රාව ලබාදීමටයි සැලැසුම් කර ඇත්තේ.

More from GossipMore posts in Gossip »