Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතව අක්කයි, මල්ලියි නිවස තුළ මියගිහින්

පූගොඩ, යකඹේ ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි දෙදෙනෙකුගේ දේහයන් අද (03) සොයාගෙන තිබේ.

මියගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ පැවසීය.

43 හැවිරිදි අවිවාහක සහෝදරිය ඇඟලුම් සේවිකාවක් වශයෙන් සහ ඇයගේ 38 හැවිරිදි සොහොයුරා ත්‍රිරෝද රථ රියදුරෙක්ද ලෙසද සේවය කර තිබුණි.

ඔවුන් දෙදෙනා ඊයේ (02) රාත්‍රීයේ උදරයේ අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නින්දට ගොස් තිබුණු බව ඔවුන්ගේ ඥාතියෙක් සඳහන් කළේය.

එම ඥාතියා ඖෂධ රැගෙන අද උදෑසන එම නිවෙසට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා බිම වැටී මියගොස් සිටි අයුරු දැක අදාළ අංශ දැනුවත් කර තිබේ.

පසුව මෘත දේහ වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් බවය.

More from GossipMore posts in Gossip »