Press "Enter" to skip to content

බල්ලාගේ ආදරේ හදිසි මරණ වලක්වයි


පපුවේ අමාරුව තියෙනවා නම් බල්ලෙක් ඇති කරන්න

සුරතලයට බල්ලන් ඇති කිරීමෙන් ලැබෙන වාසියක් ගැන තොරතුරක් පර්යේෂණයකින් හෙළිවී තිබේ.

සුරතලයට බල්ලන් ඇති කරන පිරිස අතර හදිසි මරණ අඩු බවත් එය ප්‍රතිශතයක් වශයෙන් 24%ක අඩුවක් බව මෙහිදී අනාවරණය වී තිබේ.

Covid-19 Protocol - Canine Concierge | Dog Walking and Pet Sitting

2019 වසරේදී අමෙරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු රටවල්, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියේ මිලියන 4ක ජනතාවක් තෝරාගෙන පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබෙන බව වාර්තා වේ.

යම් පුද්ගලයෙක්ට හෘද රෝගයක් හෝ ආඝාතය වැලඳී ඇත්නම් බල්ලෙක් සුරතලයට ඇතිකිරීම ඔවුන්ගේ සෞඛ්‍යට යහපත් වන අතර එවැනි පුද්ගලයෙක් හෘදයාබාධයකට ලක්වී මියයෑමට ඇති හැකියාව 31%කින් අඩුවන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.

එම පර්යේෂණය සඳහා අනෙකුත් රෝගී තත්ත්වයන් සමාජ සහ ආර්ථික කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බව පවසමින් සමහරක් එම පර්යේෂණ දත්ත විවේචනය කරන බවද වාර්තා වේ.

More from GossipMore posts in Gossip »