Press "Enter" to skip to content

කළුබෝවිල රෝහල් ධාරිතාව පනියි!

කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක මේ වනවිට කොවිඞ් ආසාදිත රෝගීන් 300කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන බවත්, රෝහල් ධාරිතාවය ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

එසේම රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනකු ද, හෙද නිලධාරීන් 10 දෙනකු ද, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින් 10 දෙනකු ද ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලයේ 30 දෙනකු කොවිඞ් ආසාදිතයින් බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලය ද මේ වවිට දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

රෝහලේ කොවිඞ් මරණ පෙරේදා (19) 16 ක් වාර්තා වූ බව ද ඔහු තවදුරටත් කීය.

(දිවයින)

More from GossipMore posts in Gossip »