Press "Enter" to skip to content

“කරාපිටියට ඇවිත් බලපල්ලා විදින දුක – කෑම එකක් ගෙන්න ගන්න කෙනෙක් නෑ” – ලෝචනා

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ දගකාර කටකාර රංගන ශිල්පිනියක්. 1988 මැයි 15 ඉපදුනු ලෝචනා 2015 වසරෙදි විවාහ දිවියට පිවිසෙනවා. ඒ ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා ලසන්ත නවරත්න සමග. විවාහයෙන් පසුව නෙදර්ලන්තයේ දිවි ගෙවූ ඇය මේ වන විට හුරතල් පුතෙකුගේ අම්මා කෙනෙක්. විවාහයෙන් පසු නැවත ලංකාවට ආපු ලෝචනා ඉමාෂි නැවතත් කලා කටයුතු වලට සහභාගී වෙනවා අපිට දැකගන්න ලැබුනා. රංගන ශිල්පිණියක් වගේම නිවේදන ශිල්පිණියක්, රූපලාවන්‍ය ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් යන භූමිකා වලටද ලෝචනා හරි අපූරු විදියට පණ පොවනවා.

ලංකාවේ ඉහල ජනප්‍රියත්වයක් හිමි ලෝචනා ඉතා දැඩි වේදනාවෙන් හා සංවේගයෙන් රටේ මේ අවස්ථාවේ සිදුවන සිදුවීම් පිළිබදව මෙවන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

“වැදලා කියන්නම් fb ජංගි පෙන්වන ගෑනුන්ට විසික් කරන සල්ලි වලින් රු. 35ක් වියදම් කරලා වාට්ටුව අයිනේ තියෙන මේසෙන් වතුර බොතලයක් තියලා යන්න පුළුවන් එකෙක් තියලා පලයන්. ඒ මිනිස්සුත් අපි උබලා වගේ ජිවත් වෙන්නයි බඩ පිරෙන්නයි කාන්න ආස උන්. ඇඩෙනවා දොරගාවට වෙලා කෑම එකක් ගෙන්නවා ගන්න බලන් ඉන්න විදිහ දැක්කහම.

වැදලා කියන්නම් පුළුවන් එවුන් ඉන්නවා නම් උදව් කරපල්ලා. අපේ එවුන් අසරණ වෙලා. පුළුවන් කෙනෙක් ඒකට වැඩ පිළිවෙලක් හදන්න. කරාපිටිය ආසාදිත වාට්ටු සියල්ල පිරිලා. සාත්තුවට ඇතුලට ගියපු එකෙක්ට එලියට එන්න අවසර නැහැ. ඒ මිනිස්සු දවස් ගානකින් උණුසුම් කෑම වේලක් කාලා නැතුව ඉන්නවා. පමණක් වෙලාවට වතුර එකක් ගෙන්නවා ගන්න කෙනෙක් නැතුව ඔවුන් බලාගෙන ඉන්නවා.”

AM.LK

More from GossipMore posts in Gossip »