Press "Enter" to skip to content

“රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා” – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

කොවිඩ් 19 වෛරසය පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි අවසන්වරට පසුගිය බදාදා (11) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹදී අද(16) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ෆෙස්බුක් ඔස්සේද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බවද කීවාය.

More from GossipMore posts in Gossip »