Press "Enter" to skip to content

විවාහ උත්සවය කල් දමා පවුල් 3000ක බඩගින්න නිවු මනාල යුවළ

ඇඳිරිනීති සමයේ තරුණ යුවලක් ඔවුන්ගේ විවාහ උත්සවය කල් දමා පවුල් 3000ක බඩගින්න නිවු කථාවක් පසුගිය සතියේ වාර්තා වුණා.ඔවුන් දෙදෙනා හරියටම විවාහ වීමට දින යොදාගෙන සිටියේ 2020 මැයි පහළොස්වනදායි.ඒ කඩවත පදිංචි වෙලා ඉන්න සචින්ත ප්‍රේමරත්න සහ දෙව්නි යසාරා සිල්වා යන දෙපළයි.ඔවුන් රටේත් ජාතියෙත් වගකීම ගැන හිතලා ඒ දිනට ඔවුන්ගේ විවාහය නෛතික කටයුතුවලට පමණක් සිමා කළා.

පසුව ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදි විවාහ දිවියට පත්වුණා. බොහෝ දෙනෙක් මංගල දිනය කල් දැම්ම ගමන් කටකතාවට කියන්නේ ඒක බාධයි, හරි අ’සුබ ලකුණක් කියලයි. සචින්තලාටත් එවැනි කථා අසන්නට ලැබුණා. නමුත් මේ අසු’භ ලකුණ සුභ කරන්නේ කොහොමද කියලා මොවුන් කල්පනා කරන්නට ඇති. ආදරය කියන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරය පමණක් නොවෙයි කියලා ඔවුන් සිතුවා.මේ අසු’භයි කියන අයට සමාජයේ කොපමණ කරදර තියෙනවාද කියලා ඔවුන් හිතුවා. මේ ගැන හිතලා ඒ හිත්වලට පුංචි හරි හිනාවක් ගේන්න මොවුන් අධිෂ්ඨාන කරගත්තා.

ඒ අනුව විවාහය වෙනුවෙන් එකතු කළ මුදල්වලින් අසරණ ජනතාවට පිහිටක් වුණා. covid නිසා බොහෝ ප්‍රදේශ වසා තිබුණා. බඩුවක් මුට්ටුවක් ගන්න කඩයක් හොයාගන්න බැරිවුණා. සමහර විට කඩයක් හොයාගත්තත් මිනිස්සුන්ට මුදල් හොයාගන්න බැරි අවස්ථා තිබුණා. ඔවුන් දෙදෙනාගේ අනාගතය කාගෙවත් මතයට වෙනස් කරන්න බැහැ කියන අදහස ඔවුන් දෙදෙනාගේ හිත්වල හැමදාම තිබුණා. දෛවඥයෙකුට හඳහනකට කොලකෑල්ලකට ජීවිතය තීරණය කරන්න බැහැ කියන බවද ඔවුන් දැන සිටියා.

උපුටා ගැනීම 21mediavision.com

More from GossipMore posts in Gossip »