අනියම් බිරිඳ යැයි සිතා සිදු වූ වැරදීමකින් අලි ජංජාලයකට මුහුණදුන් පුද්ගලයෙකු පිළිබඳව මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තාවේ.
මේ කථාවෙ කථානායකයා උපන් ගෙයි අනංගයෙකි. යන යන තැන කාන්තාවන් සිටින බවට බිරියට ආරංචි වුවත් ඇය ඔහුට අවවාද කර තිබුණේ කවුරුන් කීවත් දැඩි ලෙස තමන් ඔහුව විශ්වාශ කරන බවත් එම නිසා එම වැරදි නොකරන ලෙසත්ය.
එහෙත් ඔහු සිය බිරිඳට හොරෙන් අනියම් සබඳතා කිහිපයක්ම පවත්වාගෙන ගිය අතර, ඒවා බිරිඳට හසු නොවූයේ ඔහුගේ සූක්ෂමභාවය නිසාය.
ඔහු සිය නිවෙසට ගෙවල් කිහිපයකට එහායින් විවාහක කාන්තාවක් සමඟද අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එය සිටලුදෙනාටම රහසක් විය. ඔවුන් නිතර මුණගැසී ඇත්තේ නිවාඩු නිකේතනවල වුවද පසුගිය දිනවල ඒවා වසා දමා ඇති හෙයින් ඔවුන්ට බාධාවක් විය.
ගමේ හමුවීමට ද තැනක් නොවූ හෙයින් දෙදෙනා දස අත කල්පනා කරන්නට වූයේ තම අනියම් ප්‍රේමයට බාධා කරන කොරෝනාවලට ද සාප කරමිනි.
මෙලෙස කල්පනා කරන අතර එම පුද්ගලයාට කදිම අදහසක් ඔළුවට පැමිණ තිබේ. එනම් මෙම ගමේ පවුල් හතරක් පමණ එක වැසිකිළියක් භාවිත කරන අතර එය ද යන්තම් පොල් අතුවලින් වටකර තනාගත් එකක් විය. ඔහු යෝජනා කළේ වැසිකිළියේදී හමුවෙමු කියාය.
නිදහස් තැනක ඇති එම වැසිකිළිය හා දෙදෙනා කතිකාකරගත් වේලාවල්වල කිසිවකු වැසිකිළයේ නොමැති නිසා ඇය එයට එකඟ වී තිබේ.
කාන්තාවට නියමිත වෙලාවට වැසිකිළිය වෙත යාමට නොහැකි වූයේ අතරමගදී හමු වූ ගමේ වෙනත් කාන්තාවක සමඟ කතාවට වැටීමෙනි.
එහෙත් පිරිමි පුද්ගලයා නියමිත වේලාවට එම ස්ථානයට ගොස් තිබෙන අතර වැසිකිළියේ දොර වසා තිබෙනු දුටු ඔහු සිතුවේ වැසිකිළියේ ඇත්තේ තම අනියම් පෙම්වතිය බවයි.
ඔහු වැසිකිළියේ පොල් අතු දොර වෙතට යද්දී “ඉන්නවා” යැයි පැවැසූ විට ඔහුගේ අනියම් පෙම්වතිය පැමිණ ඇති බව සිතූ ඔහු “මම දන්නවා” යැයි පවසමින් දොර හැර ඇතුළට ගොස් තිබේ.
ඇතුළේ සිටින්නේ තම අනියම් ප්‍රේමය නොව අල්ලපු ගෙදර කාන්තාව බව දුටු ඔහුට හීන් දහඩිය දමා ඇත. වැසිකිළි යකඩ පනිට්ටුවෙන් දමා ගැසූ ඇය පොල් අතු බිත්තිද කඩාගෙන දිව ගොස් ඇති අතර, අන්දුන් කුන්දුන් වූ ඔහු ලේ ගලමින් පැමිණෙද්දී ගමේම පිරිසක් විසින් රෝහල්ගතකොට තිබේ.
ඔහුගේ බිරිය වෙත ගිය පහරදුන් කාන්තාව පවසා ඇත්තේ තමන් වැසිකිළිය තුළ සිටින බව පවසද්දී ඔහු බලෙන් එහි පැමිණි නිසා තමන් පහරදුන් බවය.
ඔහුගේ ගතිපැවතුම් පිළිබඳව බොහෝ දෙනකු පවසා ඇති හෙයින් ඇය එම කීම පිළිගෙන තිබේ.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලය සුළු නිසා බෙහෙත් දමා නිවෙසට යාමට පුළුවන් යැයි වෛද්‍යයවරයා කීව ද ඔහු බොරු අමාරු ගෙන රෝහලේම නැවතී ඇත්තේ බිරිඳගෙන් ලැබෙන්නට නියමිත දඬුවම ටික දිනකට හෝ කල් දමා ගන්නටය.






